IMF සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත් පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණු බවත් පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාළ වූ බවත් සඳහන් කරන ඒම අංශය මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතින හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කර මූල්‍ය ස්ථායිතාව ඇති කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි යැයි රජයේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.