අරගලකරුවෙක් අල්ලන්න ගියාම පහක්ම අසුවෙලා


අරගලයට සම්බන්ධවී ජනපති මන්ධිරයට අලාභහානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගිය පොලිසිය එම නිවසේ සැඟව සිටි අරගලයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජනාධිපති මැදුරට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධ බව කියන නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනිම සදහා ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරිමට සැකකරුගේ නිවසට ගිය එහි සිටි තවත්  තරුණයන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම තරුණයන්ගෙන් ප්‍රශ්න කිරිමේදි අරගලයට සම්බන්ධ පිරිස පොලිසිය අත්අඩංගුවට ගන්නා නිසා සැඟව සිටින බවට අනාවරණය වී ඇත

පසුව එම තරුණයන් සිව්දෙනාද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

නිවසේ සැගව සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය , ගොතටුව , කළුතර සහ නුවරඑලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.