ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු වෙයි

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ බවත්  ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) පස්වරුවේ නිවේදනය කළේය.

සෙසු ඉන්ධන වර්ග කිසිවක මිල සංශෝධනය කර නොමැති බවත් පැවති මිලම තවදුරටත් පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔටෝ ඩීසල් මිල සංශෝධනය ඊයේ රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.