රාජිතගේ සුදුවෑන් නඩුවේ කොන්දේසියක් ඉවතට

ආන්දෝලනාත්මක “සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව”ට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ එම ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය අද (01) නියෝග කළාය.

සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය මගින් ද විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙම අධිකරණයේ පවතින එම තහනම ඉවත් කරන ලෙසට රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකාර රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙනු ලැබුවේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනිදාය. පසුව එම ඇප නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ඉකුත් 13 වැනිදා සැකකරු එසේ රක්ෂිත භාරයට පත් කර පසුව නැවතත් ඇප මත මුදා හැර ඇත.

මෙම සිද්ධියට අදාළව නිතිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතා ඇතු`ථ සිව් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published.