මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යවශ්‍ය ව තිබූ Reach Stacker යන්ත්‍ර 03ක් මිලදී ගෙන සේවා සැපයුම් කොට්ඨාශයට සහ ක්‍රියාකරවන කොට්ඨාශයන් වෙත ලබා දීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 43 වන සංවත්සරයට සමගාමීව පසුගියදා සිදුකළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මිලට ගෙන පරිහරණය නොකරන ලද, මෙම නවතම යන්ත්‍ර සියල්ලම භාණ්ගාරයේ අනුමැතිය යටතේ රුපියල් මිලියන 165කට ආසන්න මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මිලදි ගත් බවත්, වර්තමාන වෙළඳපොල වටිනාකම අනුව ආසන්න වශයෙන් මෙම යන්ත්‍ර තුන රුපියල් මිලියන 600කට අධික බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පසන්ත ජයමාන්න මහතා පැවසීය.

වරාය අධිකාරියේ  මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය මෙම උපකරණ භාවිතය තුළින් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළ සභාපතිවරයා මෙවන් යන්ත්‍ර හා උපකරණ මිලදි ගැනීමට අසීරු වකවානුවක ඉතා අඩු මුදලකට මෙම යන්ත්‍ර ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published.