දේශබන්දුට පහර දුන් සැකකරුවන් හදුනාගන්න මහජන සහය පතයි

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්  මහතාට සහ පොලිස් අධිකාරිවරයකුට සහ තවත පොලිස් නිලධාරීන්  දෙදෙනකුට    ඉකුත් මැයි මස  (10) දින කොල්ලුපිටිය    පෙරහැර     මාවතේ,  මැටිපාර්ක් ක්‍රීඩාංගනය අසල ධි  පහර දී තුවාල සිදුකර, පොලිස් කැබ් රථයකට ද හානි කිරීමේ සිද්ධියට අදාල  සැකකරුවන් කිහිපදෙනකුගේ   අනන්‍යතාව  තහවුරු කර ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය මහජන සහය පතයි.

සිද්ධියේ නිවැරදි අපරාධකරුවන්    හඳුනාගනිමින්  අවශ්‍ය නෛතික පියවර  ගැනීම සදහා  පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් ගේ ඡායාරූප රැසක් ඡායාරූප අද  (4) මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන  වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව   තහවුරු කර ගැනීමට  අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන්  කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

පොලිසිය මාධ්‍ය වෙත  නිකුත් කළ මෙම ඡායාරූප වල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්  0718591735,  0718592735, 0718591733 යන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published.