යල කන්නයේ වී මිල නියම කරයි

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී   වී කිලෝවකට උපරිම මිලක් ලබා නියම කර තිබෙි.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතු මුදල් යොදා ගනිමින් වී මිලදී ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. 

වී අලෙවි මණ්ඩලය  වී මිල දී ගැනීමට අමතරව සහල් වෙළෙඳ පොළට සැපයීමේ කටයුත්ත සඳහා ද පිවිසීමට  තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

 මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වැන්නෙන් වී මිල දී ගැනීමට අදාලව රැස් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිල කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී  ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා දීමත් සහල් නිස්පාදනය සඳහා වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වීම මගින් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දායකත්වය ලබා දීමත් මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.