සංචාරකයන්ට ගුවන්තොටේදී විශේෂ ඉන්ධන බලපත්‍රයක්

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදිංචි අංකයක් සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලින වන පහසුකම් සංවර්ධනය කිරීම, අවශ්‍යතාවය අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සහ කිව්ආර් කේත නීතිවිරෝධීව සකස් කරන පුද්ගලයන් සහ භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබදව පිළිබඳවද එම අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව මාර්ගගත ක්‍රමයට පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා බව එම අමාත්‍යංශයේ වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.