“එන්නත් නොගත් අයට එන්නත් දීමට මුල් තැන දිය යුතුයි” – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

බූස්ටර් එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා වහා ම එන්නත් ලබා නොගත් අය සොයා ඔවුන්ට එන්නත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු කලාපීය උපදේශක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි.

ඒ අනුව, වහා ම එන්නත් ලබානොගත් අය සොයා ඔවුන්ට එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටිය යුතු අතර එසේ නොකළහොත් ඔවුන් නිසා එන්නත් ලබාගෙන සිටින අය මෙන් ම එන්නත් ලබානොගත් දරුවන් ද රෝගයට ගොදුරු විය හැකි බව නිහාල් අබේසිංහ මහතා පෙන්වා දෙයි.

වෛද්‍යවරයා ‘මව්බිම’ට පැවසුවේ, යමෙකු එන්නත් 2ක් හෝ 3ක් ලබාගෙන තිබුණ ද කොවිඩ් රෝගය වැළඳෙන නමුත් මිය යාමට තිබෙන ඉඩ අඩු බව ය.

මුඛ ආවරණ භාවිතය, අත් සේදීම හෝ සැනිටයිසටර් භාවිතය, දූරස්ථභාවය ආරක්ෂා කිරීම, ආවෘත සෙනග ගැවසෙන ස්ථානයකදී මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බව ත් මෙම අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු නොසලකා හැරියහොත් රෝගය බෝවීම වළක්වා ගත නොහැකි බව ත් හෙතෙම අනතුරු ඇඟවීය.

එමෙන් ම, වයසින් වැඩි අය රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි සේම ඔවුන්ට රෝහල් ගත වීමට සිදුවිය හැකි අතර හතර වන (බූස්ටර්) එන්නත ලබාදීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා වහා ම එන්නත් ලබානොගත් අය සොයා ප්‍රමුඛත්වය ලබාදී ඔවුන්ට එන්නත් ලබාදිය යුතු බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published.