විදුලිය-ඉන්ධන-සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළි ගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය සියලු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.