ගාලු මුවදොර අරගල කරුවන් ඉවත් කිරීමට එරෙහිව රීට් පෙත්සමක්

ගාලු මුවදොර අරගල භූමියෙන් සියලු අරගලකරුවන්ට මෙම මස 05 වන දින ඉවත් වන ලෙස පොලිසිය විසින් නිවේදනය කිරීම නිසා ගාලුමුවදොර ඇරගල කරුවන් විසින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ඊයේ(04) දින ගොනු කරනු ලැබීය.

මේ පිලිබදව අප නීතීඥ නුවන් බෝපගේ මහතාගෙන් කල විමසීකමකදී සදහන් කර සිටියේ අරගල කරුවන් දින 118කට ආසන්න කාලයක් අඛණ්ඩව අරගල භූමියේ අරගලයේ නිතරව සිටි බවත් රජය විසින් මෙම අරගල භූමිය නීත්‍යානුකූලව උත්ඝෝෂණ සිදු කරීම සදහා වෙන් කරනු ලැබු ස්ථානයක් නිසාත් මීට පෙර මේ පිළිබදව පැවති නඩු වලදී අරගල භූමිය පොලිසිට බාධායක් නොවන බවට නඩු තීන්දු ලබා දී ඇති බැවින් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්වීමෙන් අනතුරුව රුවන් විජේවර්ධන මහතා අරගලය භූමිය අවශ්‍ය පහසුකම් සැලසීමට පත් කිරීම නිසාත් අරගල භූමිය ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බැවින් අරගල භූමිය ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා මෙම රීට් පෙත්සම ඉදිරිපත් කළ බව සදහන් කර සිටියේය.

මෙම පෙත්සම අද(05) දින සළකා බැලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.