සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති-සජබ සාකච්ඡා කරයි

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස අපි සියලු පක්ෂවලට ආරාධනා කළා. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා:-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන ලෙස අපි යෝජනා කරන්න කැමැතියි. එදා ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස 19 වන සංශෝධනය ගෙන ඒමට නායකත්වය ලබා දුන්නා. එය ඉතා යහපත් පියවරක්. එම නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා.

එමෙන්ම 19 වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිත කවුන්සිලයක් පත් කරන සංඛ්‍යාව 20 වන සංශෝධනයෙන් වැඩිකර තිබෙනවා. 

සමගි ජන සන්ධාන අද මෙම සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක සිතුවිලිවලින් යුක්තවයි. මේ අවස්ථාවේ රටක් ලෙස අපි මේ සාකච්ඡාවට එක්විය යුතුයි. 

Leave a Reply

Your email address will not be published.