සර්ව පාක්ෂික ආණ්ඩුවට ෆොන්සේකාගෙන් පොල්ලක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ යැයි සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමඟ සාකච්ඡාවෙිදී පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පවතින ගැටලුවට  විසඳුමක් ලෙස තමා දකින්නේ නැතැයි ද ෆොන්සේකා මහතා කීය.

දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වු බව කී ෆොන්සේකා මහතා ඒ පිළිබඳව  විශේෂ අවධානය යොමු කළ යුතු බවද දූෂණයෙන් තොර රටක් ගොඩ නැගීමේ වගකීම සියලුදෙනාට පැවරී තිබෙන බවද කීය.

අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති  ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීම බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.