වසර 36ක මවගේ වාර්තාව අලුත් කළ දියණිය

ස්කොට්ලන්ත ක්‍රීඩිකා ලිස් මැක්කොල්ගන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් දසදහස තරග ඉසව්වේ රන් පදක්කම දිනා වසර 36කට පසු ඇගේ දියණිය අයිලිෂ් මෙවර ක්‍රීඩා උලෙළේ එම තරග ඉසව්වේදීම රන් පදක්කම දිනා ඉතිහාසයට එක් වූවාය.

පසුගියදා බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී අයිලිෂ් මීටර් දසදහස තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොතේ ඇගේ මව ද එය නැරඹීමට පැමිණ සිටි අතර, තරගය ජය ගත් විගස අයිලිෂ් සිය මව වෙත දිව ගොස් ඇය වැලඳ ගැනීම සමාජ මාධ්‍ය ජාලා අතර වැඩි අවධානයට ලක් වූ ඡායාරූපයක් බවට පත් විය. ලිස් මැක්කොල්ගන් 1986 එඩින්බරෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මෙන්ම 1990 ඕක්ලන්ඩ් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදීත් මීටර් දසදහසේ රන් පදක්කම දිනා ගත් විශිෂ්ට ක්‍රීඩිකාවකි.

Leave a Reply

Your email address will not be published.