එෆ්බීඅයි බුද්ධි අංශය ට්‍රම්ප්ගේ නිවෙසට කඩා පනී

එෆ්බීඅයි බුද්ධි අංශයෙන් තමාට අයත් ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි නි‍ෙවසට කඩා පැන එහි සේප්පුවක් අනවසරයෙන් විවෘත කර ඇතැයි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් හි පිහිටි හිටපු ජනාධිපතිවරයාට අයත් මාර් ඒ ලාගෝ සුපිරි මන්දිරයට එෆ්බීඅයි නියෝජිතයන් පැමිණ මේ වැටලීම සිදු කර ඇති බවට ඔහු නිවේදනයක් නිකුත් කර ඇති බවය.

පසුගිය සඳුදා සිදුවූ මේ වැටලීම අමෙරිකානුවන්ට අඳුරු කාලයක් උදා කරන සිදුවීමක් බවත් ට්‍රම්ප් සිය නිවේදනයේ සඳහන් කර තිබේ. මේ සිදුවීම පිළිබඳ මෙතෙක් එෆ්බීඅයි සංවිධානය හෝ එරට අධිකරණ දෙපාර්තමේන්තුව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එෆ්බීඅයි නියෝජිතයන් විනිසුරුවරයකු විසින් අත්සන් තබන ලද සෝදිසි වරෙන්තුවක් රැගෙන පැමිණ ඇති බවත්, එවැනි සෝදිසි වරෙන්තුවක් මීට පෙර අමෙරිකා ඉතිහාසයේ කිසිදු දිනෙක නිකුත් කර නොතිබූ බවත් එම ප්‍රාන්තයේ නීතිඥවරයකු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.