ක්‍රිකට් පිටිය දෙවනත් කළ අනුරපුර දනිඳුගෙන් නොදැවී ලකුණු 553ක්

පාසල් ක්‍රිකට් වාර්තාපොත අලුත් වෙයි
6×31යි 4×63යි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදීනොදැවී ලකුණු 553ක් රැස් කරමින් වාර්තාවක් බිහි කිරීමට අනුරාධපුර සාන්ත ජෝසෆ් විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු දනිඳු චිරත් සෙල්ලප්පෙරුම ඊයේ (9) සමත්විය.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් පිලට එරෙහිව පැවැති මේ තරගයේදී දනිඳු චිරත් පන්දු 204කදී හතරේ පහර 63ක් සහ හයේ පහර 31ක් සිය ඉනිමට එක් කරගත් අතර, එය මෙරට පාසල් ක්‍රිකට් පිටියේ පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාපොතට එක් විය. මීට අමතරව ඔහු ගවිරු හේරත් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 449ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ද සමත් විය. සාන්ත ජෝසෆ් පිල ඕවර 50කදී එක් කඩුල්ලකට ලකුණු 722ක් රැස් කර සිටියදී තම ඉනිම අත්හිටුවූ අතර, පිළිතුරු ඉනිම දියත්කළ ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඕවර 29කදී සියල්ලන් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 105ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ තිමිර බුද්ධිත කඩුලු ත්‍රිත්වයක් සමග කඩුලු 4ක් දවාලූ අතර, ඉමන්දිව් සමරජීව ලකුණු 15කට කඩුලු 4ක් දවාලීය.

Leave a Reply

Your email address will not be published.