තැපැල් ගාස්තු සංශෝධනයක්

එළඹෙන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සංශෝධනයට අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව සදහන් වෙයි. 

එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ද තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් දක්වා රුපියල් 200ක් දක්වා ඉහළ දැමීමට නියමිතය.

මීට අමතරව තවත් තැපැල් ගාස්තු කිහිපයක් සඳහා වන මිල පහළ දමන අතර එම ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.