විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතුයි. ඩොලර් උපයන සමාගම්වලට කොන්දේසියක්

සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

“පළවෙනි පාර අපි යෝජනා කරලා තියෙනවා විදුලිබල මණ්ඩලයට, මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විදේශ විනිමය සොයා ගැනීම, තෙල් සහ ස්පයොර් පාර්ට්ස්. ඒ වගේම විදුලිබල මණ්ඩලය ලොකු ව්‍යාපෘති සඳහා ඩොලර්වලින් ණය අරන් තියෙනවා. ඒ ණය ගෙවීම සඳහා අපිට අවශ්‍ය වෙනවා යම්කිසි විදේශ විනිමය ප්‍රමාණයක්. ඒ නිසා අපි කොන්දේසියක් දාලා තියෙනවා ලංකාවේ ව්‍යාපාර 60%කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනවා නම් එයාලා ඒ විදුලිබිල ඩොලර්වලින් ගෙවිය යුතුයි කියන පදනමේ අපි ඉන්නවා. ඒ සඳහා දිරිගැන්වීමක් වශයෙන් අපි යෝජනා කරලා තියෙනවා 1.5% ක වට්ටමක් ඩොලර්වලින් ගෙවන පාරිභෝගිකයන්ට ලබා දිය යුතුයි කියන එක.“

Leave a Reply

Your email address will not be published.