QR ක්‍රමයේදීත් සිදුවෙන අක්‍රමිකතා ගැන අනාවරණයක්

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළදී QR ක්‍රමවේදය යටතේත් අක්‍රමිකතා සිදුවෙන බව ඛනිජ තෙල් සැපයුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ගැටලු හඳුනාගෙන වහා නිවැරදි කිරීමට පියවර ගතයුතු බවය.

පසුගිය කාලයේ දිගටම වාර්තා වුණා.. මගේ QR කේතයෙන් වෙනත් කෙනෙක් ඉන්ධන ලබාගෙන කියලා වගේ පැමිණිලි. එහෙම වෙන්න පුළුවන් එක හේතුවක් තමයි තෙල් නිකුත් කරන අවස්ථාවේදී පොම්පකරු විසින් QR කේතය පමණක් ස්කෑන් කරලා ඊට පසු එන වාහනය මොකක්ද කියලා හඳුනා නොගැනීම.

කේතය ස්කෑන් කරන අතරේම ඊට අදාළ වාහනයත් ඒකමද කියලා සොයාබලන්න ඕනේ.

සමහර ඉන්ධන පිරවුම්හල්වලින් වාර්තා ලැබෙනවා.. ලැබිච්ච තෙල් ප්‍රමාණයට වඩා 50%කටත් වඩා අඩු ඉන්ධන ප්‍රමාණයක් තමයි QR කේත යටතේ නිකුත් කරලා තියෙන්නේ.

ඉතුරු ඉන්ධනවලට මොකද වුණේ කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් IOC සමාගමත් ප්‍රශ්න කිරීමට යනවා කියලා අපිට ආරංචි වුණා.

Leave a Reply

Your email address will not be published.