තෙල් පිරිපහදු සේවකයන්ට කෝටි 300ක OT ගෙවලා

තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේ අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250ත් 300ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තවේදී ඊයේ (10) පැවසීය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම අතිකාල ගෙවීම් කළේ කාටද, කොපමණ ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අතිකාල දීමනා ගෙවීම් තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.

ඇමැති කංචන විජේසේකර මහතා,

පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයා බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250ත් 300ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා වැඩ කළ අයටයි අතිකාල ගෙවලා තිබෙන්නේ. රුපියල් කෝටි 250 සිට රුපියල් කෝටි 40 දක්වා කළමනාකරණය කරලා තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published.