යුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙති

ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ.

යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළ බව ශ්‍රි ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අභියෝගාත්මක කාල වලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු වන බව එම පණිවිඩය මගින් පෙන්වා දී ඇති අතර සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව ඒම සාකච්ඡාවේදී අවධාරණය කළ බව සඳහන් කර තිබේ.

ජී.එස්.පී (ප්‍ලස්), ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මානව හිමිකම් කවුන්සිලය යන දැනට පවතින ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපති වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලු බවත් එම නිවේදනය සඳහන් කරයි.

මෙම ක්‍රියාදාමයන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර පියවර ගනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වන බව ඒම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.