සිසුන් අපයෝජනය කළැයි කෝටිපති පූජකවරයෙක් අත්අඩංගුවේ

පාසල් සිසුන්  රවටාගෙන ගොස්  ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කෝටිපතියකු වන සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයෙකි.

සැකකරු තම දරුවා රවටා ලිංගික අපයෝජන සඳහා යොදාගෙන ඇති බවටත්  සහ ඒවා වීඩියෝ ගත කර ඇති බවට ගාල්ල  ප්‍රදේශයේ විදුහල් කීපයක  සිසුන්ගේ දෙමාපියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

සැකකරු වට්ස්ඇප් සමාජ ජාලය භාවිත කරමින් සිසුන් මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පෙරේදා (10)  සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු මෙම දරුවන් විවිධ ස්ථාන වෙත  රැගෙන ගොස් ඔවුන් අපයෝජන කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු ගාල්ල හබරාදූව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පුජකයකු වශයෙන්   සියලු දෙනාගේ විශ්වාසවන්ත බව දිනාගෙන කිසිවෙකුට සැකයක් නොහිතෙන ආකාරයටම අපචාර කටයුතු හොර රහසේ සිදුකරගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු දරුවන් අපයෝජනයට ලක් කරන  වීඩියෝ පට කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. සැකකරුව ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

Leave a Reply

Your email address will not be published.