කුකුළු මස් සහ බිත්තර මිල තවත් ඉහළට යා හැකි බවට අනතුරු ඇඟවීමක්

කුකුළු මස් මිල සහ බිත්තර මිල තවදුරට ත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ, කුකුළු මස් කිලෝවක මිල රු. 1,400 ඉක්මවා යා හැකි බව ය.

එමෙන් ම, බිත්තරයක මිල රු. 70ක් දක්වා ඉහළ යා හැකි බව ද ඔහු පැවසීය.

සභාපතිවරයා පෙන්වා දුන්නේ, මාර්තු මාසයේ සිට සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය සඳහා බලපෑම් එල්ල වීම ඊට හේතු වී ඇති බව ය.

ඒ හේතුවෙන් මේ වන විට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය 40%කින් පහත වැටී ඇති බව ද ඔහු පැවසීය.

සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 40ක පමණ මුදලක් වැය වන බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

“තව දුරට ත් කුකුළු මස් මිල 1400න් ඉහළට යා හැකියි. 1500, 1600… අපිට වළක්වන්න බැහැ. මොකද සමාජයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේ ම තමයි බිත්තරත්. බිත්තර මේ වෙලාවේ රු. 60 සමහර විට රු. 70 වෙන්නත් පුළුවන්. මොකද අපිට ඉල්ලුම අනුව සැපයුමක් කරන්න බැහැ.”

Leave a Reply

Your email address will not be published.