අරගලයට සහාය දී වීසා අවලංගු කල බි‍්‍රතාන්‍ය තරුණියට මෛත‍්‍රීපාල සහාය වෙයි…

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව ඇයගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හා තරුණ පෙරමුණජ් ඉදිරිපත් වී සිටී.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සකච්චා කිරීමට හිටපු ජනාධිපති හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් එම බ්‍රිතාන්‍ය තරුණිය හා කාන්තා හා තරුණ සංවිධාන ප්‍රධානීන් අතර සිදුවිය.

ඒ අනුව පාර්ලිමේන්තුව තුලත් දේශපාලන හා සමාජ ව්‍යාපාර තුලත් ඇයගෙ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රීයාමාර්ග ගන්නා බවත් තීරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published.