රනිල් ජාතික වස්තුවක්.. ඔහුට සම කළ හැකි නායකයෙක් ලෝකයේම නෑ.. ලංකාව දැන් පාලනය කරන්නේ ලෝක බලවතෙක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු ජාතික වස්තුවක් බවත් ඔහුට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේම නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ සියලූ පාර්ශ්වයන් එක්කර ගනිමින් ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දුන්නොත් රට නියත වශයෙන්ම ගොඩගත හැකි බවයි.

‘රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ ජාතික වස්තුවක්. ඒ ජාතික වස්තුව ශ්‍රී ලංකාවේ යහපත සඳහා, ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා, ලෝකයේ ඊළඟ පරම්පරාවට ලංකාව පිළිගත් රටක් හැටියට ඔසවා තැබීම සඳහා ප්‍රයෝජනයට ගත යුතුයි.

මම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වඩා ඉහළින් ලෝකයේ වෙනත් නායකයෙක් සිටිනවා නම් ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න කියලා.කෙසේ හෝ ලෝකය තුළ එතුමට ඉහළින් සිටින වෙනත් නායකයෙක් සිටීනම් අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ලැජ්ජ විය යුතුයි.

ශ්‍රී ලාංකික මහජනතාව මේ අවස්ථාවේදී ඉතාම වාසනාවන්තයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකය තුළ ඉන්නවාද කියලා ශ්‍රී ලාංකිකයින් සොයා බැලිය යුතුයි.

රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ලෝකයේ සිටින බලවත් නායකයෙක් මේ වෙලාවේ ලංකාව පාලනය කරන

Leave a Reply

Your email address will not be published.