ප්‍රසන්න රණතුංගගේ ගිනිගත් කාර්යාලය ගම්පහ ජනතාවම ඇවිත් හදන්න පටන් ගනිති

පසුගියදා ගිනි තබා විනාශ කල  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ගම්පහ, උඩුගම්පොළ පිහිටි දේශපාලන කාර්යාලය නැවත පිළිසකර කිරීම ප්‍රදේශවාසීන්ගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඊයේ ආරම්භ වී තිබෙනවා.

මෙම කාර්‍යාලය තමන්ට ද වැඩදායක වූවක් බැවින් එය පිළිසකර කිරීමට තමන් පෙරමුණ ගත් බව මෙම අවස්ථාවට සහභාගීවී සිටි ජනතාව සඳහන් කරනවා.

මේ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ කාන්තාවක්.

” ප්‍රසන්න මහත්තයගේ මෙම නිවසත්, කාර්යාලයත් පැය 24ම දිවා රාත්‍රි ඕනම වෙලාවක මහජනතාව වෙනුවෙන් විවෘතව තිබුණු තැනක්. මෙතන කිසිම දේශපාලනයක් තිබුණු තැනක් නෙවෙයි.

77 දිත් මේ වගේම ප්‍රසන්න මහත්ත⁣යගෙ ගේ ගිණි තිව්වා. එතකො ප්‍රසන්න මහත්තය පොඩි දරුවෙක්.
රෙජී මහත්තයා බොහොම පිරිසිදු දේශපාලනක් කළ කෙනෙක්. ප්‍රසන්න මහත්තයත් එහෙමයි. ඒ දෙන්නම පක්ෂ පාට නොබලා ජනතාවට සේවය කළ දෙන්නෙක්.

88/89 භීෂණ කාලේ මේ ගෙදර නිසා කී දෙනෙක්ගෙ ජීවිත බේරුණාද. මේ ගිණි තියපු අයටත් ඒ ඉතිහාසය මතක ඇති. මේ ගිණි ගත්තෙ ප්‍රසන්න මහත්තයගේ දේපළ නෙවෙයි අපේ දේපළ.මේ දේශපාලන කාර්යාලයෙන් මොනතරම් ජනතා සේවයක් ඉටුවුණාද. ඒ නිසයි අපි ස්වේච්ඡාවෙන්ම ඇවිල්ලා මේ වැඩකරන්නේ. අපි හෙට අනිද්දා මැරිල යාවි. නමුත් අපේ දරුවන් වෙනුවෙන් මේ තැන ඉදිරියටත් තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි ප්‍රසන්න මහත්තයගෙන් ඉල්ලන්නේ ආපහු ඇවිල්ලා මේ ස්ථානයේ දේශපාලන කටයුතු ආරම්භ කරන්න කියල.”

Leave a Reply

Your email address will not be published.