ගෝඨාගේ සිංගප්පූරු හෝටල් බිල මිලියන 67 ක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ගත කළ කාලයේ දී, සිය හෝටල් බිල ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.
පසුගිය 11 වැනි දා තායිලන්තය බලා පිටත්ව යන තෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ්ස් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත.
හෝටලයේ නවාතැන් ගාස්තුව ලෙස වැය වූ රුපියල් මිලියන 67ක මුදල ගෙවා ඇත්තේ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් බවයි
ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
කෙසේ නමුත් මේ විට තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා, එරට පිහිටි ආගමික සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට යාමට, තායිලන්ත රජයෙන් අවසර ඉල්ලා ඇතත්, මෙතෙක් ඒ සඳහා අවසර ලබාදී නොමැති බවද, වැඩිදුරටත් අනාවරණය වෙනවා.
පසුගිය දා තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නවාතැන් ගෙන සිටින හෝටල් පරිශ්‍රයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත බලධාරීන් විසින් උපදෙස් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.