මෙරට කාන්තාවන්ට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා ගැනීමේ අයිතිය දිනා ගැනීමට අප බොහෝ දුර යා යුතුයි! – සජිත්

කාන්තා සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය කෙරෙන නිෂ්පාදන නොමිලේ ලබා ගැනීම සඳහා මෙරට කාන්තාවන්ට වන අයිතිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව බොහෝ දුර යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කරන්නේ, පනතක් සම්මත කිරීම මගින්, කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා වන නිෂ්පාදන නොමිලේ සපයන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත් වීම සම්බන්ධයෙන් වන පුවතක් තම ට්විටර් ගිණුමේ බෙදා ගනිමින්.
ස්කෝට්ලන්ත‍යේ සම්මත කර ගත් මෙම නව පනතට අනුව, එය බලාත්මක වන විට, ස්කොට්ලන්තයේ කවුන්සිල සහ අධ්‍යාපන සපයන්නන් හා අවශ්‍ය වන ඕනෑ ම කෙනෙකුට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා ගැනීමට හැකියාව පවතිනවා.
තම ට්විටර් පණිවිඩය මගින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම පනතට ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඒකමතිකව එකඟ වූ බවයි.
මේ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තවමත් “PERIOD” යන වචනය සඳහන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට විහිළු කරන බවත්, කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ දරිද්‍රතාව ප්‍රතික්ෂේප කිරීම බරපතල ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.