ගජමුතු විකුණන්න ආ හතරක් පොලිස් දැලේ

ගජමුතු 4 ක් අලෙවි කිරීම සඳහා මෝටර් රථයකින් මොණරාගල නගරයට පැමිණ සිටී සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව මොනරාගල පොලිසිය කියයි.

මෙම සිව් දෙනා අතර සැකකාරියක් ද සිටින බව පොලීසිය පවසයි.

මෙම පිරිස ගජමුතු අලවි කිරීම සඳහා මොණරාගල නගරයට පැමිණ සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව  මොවුන් අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 35, 45,47,66යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි.

ඔවුන් අද මොනරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

Leave a Reply

Your email address will not be published.