රැට්ටාගේ බැංකු ගිණුමට ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා සොයා ගැනෙයි

අරගළයේ මුල සිට ම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා ව සොයාගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින්.
සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (17) ඔහු ව අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණත් සැකකරු ඊයේ එහි නො පැමිණි බව යි වාර්තා වන්නේ.
ජා ඇල ප්‍රදේශයේ පිහිටි රතිඳු සේනාරත්නට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට මෙම මුදල් බැර වී තිබුණා.
නමුත් අදාළ මුදල තැන්පත් වූ දවසේ ම රතිඳු සේනාරත්න, අදාළ සිද්ධිය පිළිබඳ එම පෞද්ගලික බැංකුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව සඳහන්.
පසු ව තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් රතිඳු සේනාරත්න පවසා තිබුණේ, මෙවැනි උගුල්වලට තමා කිසි සේත් ම හසු නො වන බවත් ව්‍යාපාර හා ගිණුම්කරණය වැනි විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තමන්ට ඇති බවත් ය.
තවදුරටත් රතිඳු සේනාරත්න එහි සටහන් කර තිබුණේ, මෙතෙක් කාලයක් සිය පෞද්ගලික මුදල් වියදම් කරමින් අරගළය වෙනුවෙන් පෙනී සිටි තමා ව කිසි සේත් ම මෙවැනි උගුල් හරහා නම්මවා ගැනීමට නො හැකි බව යි.
”අප මර්ධනය කරන්නට මෙතෙක් ගත් නින්දිත ක්‍රියාමාර්ග හා මඩ කැම්පේන් හමුවේ නොසෑලි ඉන්නට පුලුවං උනේ අපේ අත් 100%. පිරිසිඳු නිසාවෙනි” යනුවෙන් ඔහු අවසාන වශයෙන් සටහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.