වත්මන් රජයේ වන්දි පිළිවෙත ගැන මෛත්‍රීගේ නොසතුට

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ග මත පියවර ගත් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීමට වත්මන් රජය සූදානම් වන බවත් රටේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක එසේ කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී ඇති නාමලේඛනය පරිශීලනය කිරීමේදී මෙය පැහැදිලි වන බවත්, ඒවා අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ මිස හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රටේ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි ගෙවීමට රජය කටයුතු කරන්නේ නම්, ඒ සඳහා තම විරෝධය සහ අසතුට රජයට ප්‍රකාශ කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනතාවත්, රටත් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සියලු ශක්තිය යෙදවීම මිස ජනතාවගේ මුදල් මෙලෙස කාබාසිනියා කිරීම නොවේ යැයි හිටපු ජනපතිවරයා එහි සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.