කාබනික පොහොර ගන්න රජයෙන් විසිදාහක් දෙයි

මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම සහනාධාරය ලබා දීම සදහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600ක් බවද අමාත්‍යවරයා කීය.

2022/23 මහ කන්නයේ වී වගා කිරීමේ දී සියයට 70ක් රසායනික පොහොර ද, සියයට 30ක් කාබනික පොහොර ද වශයෙන් යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබිණි.

ඒ අනුව ලබන මහ කන්නයේ දී වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් රුපියල් 10,000 බැගින් ලබා දීමටත්, හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 125ක් බැගින් ලබා දීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.