IMF නියෝජිත පිරිසක් යළිත් මේ මස අගදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී යළි මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද(18) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. 

පසුගිය අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව ද එහි දී මහ බැංකු අධිපතිවරයා පැවසීය. ඉදිරියේදී උද්ධමනය අඩුවෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු කීය. 

“උද්ධමනය 60%ක් වැඩියි කියන එක පිළිගන්නවා.” “විදේශ විනිමය හිඟය යම් දුරකට අඩුවෙලා. රට තුළ බැංකුවල යම් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙනවා. ආනයන වියදම අඩුවෙලා. අපනයන ආදායම වර්ධනය වෙලා.” යනුවෙන් වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published.