ගෝල්ෆේස් බිමට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා

දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසා ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

‍අරගලකරුවන් ලෙස හදුන්වා ගන්නා  කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් සිදු කර තිබෙන බව කී අමාත්‍යවරයා නීති විරෝධී පදිංචියක් ස්ථාපනය කර හා එම පදිංචිය තහවුරු කරගැනීම සඳහා ලිපිනයන් පවා ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

  නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් තාවකාලික ඉදි කිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පණතේ 8(ඒ)1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.