තෙල් වෘත්තීය සමිති 11ක් අද විරෝධතාවේ

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව අද (22 දා) ඛනිජ තෙල් වෘත්තීය සමිති 11 ක සාමාජිකයෝ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙති.

ඛනිජ සම්පත් සුරැකීමේ එකමුතුව ලෙසට වෘත්තීය සමිති සාමාජිකයන් දහවල් 1.00 ට විහාරමහාදේවි උද්‍යානය අසලට එක්වී එහි සිට අමාත්‍යාංශය ඉදිරිපිටට ගොස් විරෝධතාවේ නිරතවීමට නියමිතය.

ඉන්ධන ගෙන්වීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා හෙළි කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඇතුළත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් අදහස් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published.