පියත් නිකේෂල රිමාන්ඩ්

අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පියත් නිකේෂල නැමැත්තාය.

සිද්ධියට අදාළව සිදුකරණ පරීක්ෂණයේදී සී සී ටී වී දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් අයතු ලෙස ඇතුලු වී ඇති පිරිස අතර මෙම සැකකරු ද සිට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන්ව නොමැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

Leave a Reply

Your email address will not be published.