යතුරුපැදිය කන්ටේනරයේ ගැටී තරුණයෝ 2ක් මිය යති

කොටදෙණියාව පල්ලේගම මාර්ගයේ මැල්ලවලාන හන්දියේ දී ඊයේ (22) දහවල් යතුරුපැදියක් කන්ටේනර් රියක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් විසි හැවිරිදි තරුණයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් කොටදෙනියාව දොරොව්වේ පදිංචිව සිටි ඒ. රනිල් නම් විසි හැවිරිදි තරුණයකු සහ ගිරිඋල්ලේ පදිංචිකරුවකු වූ එම වයසේම රියාස් නම් තරුණයකු බව පොලිසිය පැවසීය. මිය ගිය තරුණයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ගිරිඋල්ල කුරුණෑගල මාර්ගයේ මැල්ලවලාන හන්දියේ දී කන්ටේනර් රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කීය. මියගිය දෙදෙනා කිසියම් ක්‍රීඩා තරගයකට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට තොරතුරු හෙළි වී ඇත. මියගිය දෙදෙනා ගේ මරණ පරීක්ෂණ ඊයේ (22) පස්වරුවේ දඹදෙණිය මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි .

Leave a Reply

Your email address will not be published.