ලැයිස්තුවෙන් වනඅලියා ඉවතට

ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.  

මෙරට වනසතුන්ගෙන් වගා හානිවලට සිදු කරන හානි නිසා වාර්ෂිකව සිදුවන වගා හානිය සියයට 40ක් පමණ වේයැයි ගණනය කර තිබේ. වගා හානි සිදු කරන සතුන්  අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගා හානියෙන් සියයට 20ක් පමණ අවම ප්‍රමාණයකි.   සියයට 46ක පමණ වගා හානියක් රිළවා, වඳුරා, මොණරා,වල් ඌරා හා දඩුලේනාගෙන් සිදුවන බව තහවුරු වී ඇත.

භෝග හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවක් කෘෂිකර්ම අමාත්‍යාංශය හා වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශ එක්ව මේ වනවිට ලැයිස්තුවක් සකස් කර තිබේ.

පසුගිය කාලය තුළ වන අලින් මරණයට පත් වීම බහුලව දක්නට ලැබිනි. 2021 හා 22 වසර තුළ  වන අලි මරණ 511ක් හා අලි – මිනිස් ගැටුම නිසා  මිනිස් මරණ  181ක් වාර්තා විය.  

මෙම වසරේ ගත වූ කාලය තුළ වන අලි මරණ 258ක් වාර්තා වී ඇත. ඉන් 35 වෙඩි තැබීම නිසාත්, 25ක් විදුලිසැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා වන අලි මරණ 30ක්, දුම්රිය අනතුරු නිසා 06ක්, මාර්ත අනතුරු නිසා 02ක්, දිවෙය් ගිලීම නිසා මරණ 10ක්, වගා ලිංවලට ඇදවැටීම නිසා මරණ 06ක්, අනතුරු නිසා 03ක්, වනයේ මියගොස් නරක් වූ සිරුරු 29ක්, දිරාපත් වූ සිරුරු 12ක්, පණු ආසාදන නිසා 02ක්, වෙනත් හේතු නිසා මරණ 98ක් ද වාර්තා වී ඇත.

වනඅලි ගහණය විශාල වශයෙන් වැඩි වී නැතත් අලි – මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන වනඅ ලි සම්පත නිසා යම් දිනෙක වන අලි සම්පත අපේ රටෙන් තුරන්වීමට ඉඩකඩක් ඇතැයි වනජීවිහා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පැවසීය.

ඒමනිසා වනඅලින් තවදුරටත් ආරක්ෂිත වනසත්ව ලැයිස්තුවේ සිටිය යුතු බවත්, ‌ෙ විදුලි සැර වද්දා වනඅලින් ඝාතනය කිරීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව තිරසාර වැඩ පිළිවෙළක් යෝජනා කරන ලෙස අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

වනජීවි සංඛ්‍යාලේඛන අනුව විදුලි සැර වැද්දීම නිසා 2015 වන අලි මරණ 17ක්, 2016 දී 26ක්, 2017 දී 24ක්, 2018 දී 38ක්, 2019 දී 51ක්, 2020 30ක් හා 2021 දී වන අලි මරණ 66ක් ද වශයෙන් වාර්තා විණි.

විශේෂයෙන් පසුගිය කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ දී වනසතුන්ට අයත් ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව ලබා දීම නිසා වනඅලින්ගේ නිජබිම් අහිමිවීම වන අලි – මිනිස් ගැටුමට හේතුවී තිබේ. එමනිසා ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් වන අලි හා වෙනත් දුර්ලභ සතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිත ඉඩම් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.