ජනපතිගේ සහතිකය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සිර දඬුවම් විඳිමින් සිටින රාමනායක මහතාට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා අනිවාර්යයෙන්ම  සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතා අධිකරණයට සමාව අයැද සිටි බව මීට පෙර වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.