සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි….

සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල (23) දින සිට අඩු කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත.

මෙතෙක් රු 485 කට අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 460 කටත් , ආනයනික නාඩු සහල් කිලෝවක් රු 2 කින් අඩු කර රු 198 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සතොස  කලමණාකාරිත්වය පියවර ගෙන ඇත.

සතොස ඉහල පාලන අධිකාරියේ උපදෙස් පරිදි සහල් සහ පරිප්පු මිල අඩු කල බවත්, පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් පවතින බවයි එම සතොස  සේවකයින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.