එළදෙනුන් ගැබ් ගැනීම අඩු වෙලාලු

ප්‍රමාණවත් පරිදි දියර කිරි නිෂ්පාදනයක් සිදු නො වීම හේතුවෙන් වෙළදපලේ දේශිය කිරිපිටි ඇතුළු අනෙකුත් නිෂ්පාදන අඩු වී ඇති බව මිල්කෝ සමාගම පවසනවා.
දිනකට කිරි ලීටර ලක්ෂ 06ක් පමණ අවශ්‍ය වුවත් මේ වන විට නිෂ්පාදනය වන්නේ කිරි ලීටර 140,000ක් පමණ බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.
එළදෙනුන් ගැබ් ගැනීම අඩු වී ඇති බැවින් දියර කිරි ලබාගැනීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
වසර තුනකට වැඩි කාලයක් එළදෙනුන් ගැබ් ගැනීම අඩාල වි ඇති බවයි මිල්කෝ සමාගම සදහන් කළේ.
මේ වන විටත් ග්‍රාමීය මට්ටමේ දියර කිරි නිෂ්පාදකයින්ගේ එළදෙනුන් ගැබ් ගැන්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක්ද දියත් කර තිබෙනවා.
කොරෝනා සහ ඉන්ධන අර්බුදය දියර කිරි නිෂ්පාදනය අඩාල කිරීමටද බලපා ඇති තවත් හේතුවක්.
කෙසේ වෙතත්, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක සඳහන් කළේ, මෙරට තුළ දියර කිරි අතිරික්තයක් පවතින බවයි.
මේ අතර බිත්තර මිල සම්බන්ධයෙන් වෙළදපලේ මතුව ඇති අර්බුදකාරි තත්ත්වයන් සමග තමන් ද අපහසුතා රැසකට මුහුණ දෙන බව සුළු හා මධ්‍ය පරිමාන බිත්තර ගොවීන්ගේ එකමුතුව පවසනවා.
කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව තවමත් චෝදනා කරන්නේ වෙළඳපලේ රජයේ පාලන මිලට බිත්තර මිල දී ගැනීමට නොමැති බවයි.
මේ අතර, පරිපාලනය සහ සංවර්ධනය ඒකාබද්ධ කර ඉදිරි දින 100 තුළ ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ පැවති දිසාපති සමුළුවට එක්වෙමින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන බවත්, එය සාර්ථක කර ගැනීමට ගම් මට්ටමේ සිට ඉහළට සැලසුම් සකස් කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහි දී අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.