නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට යළි වැඩ

අක්‍රිය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා (29) සිට යළි  ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. 

එහි මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමනි කියා සිටියේ, ඒ සමගන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවයි.

එම ජනන යන්ත්‍රයේ කොටසක බටයක් පසුගියදා පුපුරා යාමෙන් එය අලුත්වැඩියා කිරීමට සිදු වූ අතර, එහි දෙවන යන්ත්‍රය ද නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ වනවිට අක්‍රිය කර තිබේ.

මේ සමග දෛනික විදුලි කප්පාදුවද පැය 3ක් දක්වා දීර්ඝ කෙරුණි.

Leave a Reply

Your email address will not be published.