පාසැල් ළමුන් පෝෂණය කිරීම සඳහා කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320 ක් නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාර දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.ඇමෙරිකා එක්සත් ජනපදය මෙම පරිත්‍යාගය ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිදුකළ බව එම නිවේදනයේ දැක්වේ.
මෙම පරිත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ආහාර මෙට්‍රික් ටොන් 3000 ක පරිත්‍යාගයේ කොටසක් බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.