හමුදාවක පැවැත්මට විනය-පුහුණුව මෙන්ම දැනුමත් අවශ්‍යයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා භාවිත කළ මෝටර් රථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අයුරු. ඡායාරූපය – සුදත් නිශාන්ත

හමුදාවක පැවැත්මට නායකත්වය මෙන්ම විනය, පුහුණුව සහ දැනුමද අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අනාගතයේදී භූමියේ, ගුවනේ, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදු විය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රීමත්‌ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජනාධිපති සහ විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානයට ඊයේ (25) සහභාගි වෙමිනි.

හමුදාව පවතින්නේ නායකත්වය මත බවත් ඒසේ වුවත් විනයක් නැතිව හමුදාවක් පවත්වා ගෙන යා නොහැකි බවත් කී ජනාධිපතිවරයා විනය පමණක් නොව හමුදාවේ පැවැත්මට පුහුණුව අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය. විනය සහ පුහුණුව පමණක් තිබූ පමණින් හමුදාවක් සාර්ථක නොවන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදාවක පැවැත්මට දැනුම අවශ්‍ය බවත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published.