දියණිය පිළිස්සු මව රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරුදු 9ක් වන තම දියණිය පුළුස්සා තුවාල සිදුකළ මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ මවක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම දැරිය යාබද නිවසේ කාන්තාවකට පැවසු දෙයක් හේතුකොට ගෙන සැකකාර මව දැරියට අමානුෂික ලෙස පහරදී තිබෙනවා. දැරියගේ අත් පා පුළුස්සා ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ. මේ පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකාර මව අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. පිලිස්සුම් තුවාල සිදුවූ දැරිය ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.