බස් ධාවනය අඩාලවන ලකුණු

ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා(29) සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය සියයට 25ක් දක්වා අඩු වී ඇති බවයි.

මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය කියා සිටියේ හෙට(28) වන විට ඉන්ධන නොලැබුණහොත් තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි. 

Leave a Reply

Your email address will not be published.