ඩීසල් මිලට සුපිරි ඩීසල් බෙදන ඇමති කංචන

මේ වන විට දිවයින පුරා ඩීසල් මිලට අලෙවි කරනු ලබන්නේ, සුපිරි ඩීසල් බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය 26 වැනි දින ගුවන් යානා ඉන්ධන තොගයක් රැගෙන මෙරටට පැමිණි නෞකාවක රැගෙන ආ සුපිරි ඩීසල් ඉන්ධන තොග ගොඩබෑම සඳහා සූදානම් වුව ද ඒවා ගබඩා කර තැබීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙලෙස කිරීමට සිදු ව ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ වන විට මහත් මතභේදයට තුඩු දී ඇති coral energy සමාගම හරහා යි මෙම ගුවන් යානා ඉන්ධන තොගය තොගය මෙරටට ආනයනය කර ඇත්තේ.
එම නෞකාවේ ම තවත් සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 30.000 රැගෙන පැමිණ ඇත්තේ, එම ඩීසල් තොග මෙරට ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති පසුබිමක යි.
මේ හේතුවෙන් අදාළ ඩීසල් තොග සාමාන්‍ය ඩීසල් ලෙස ගොඩබෑමට යි අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දී ඇත්තේ.
මෙහි දී එක් ඩීසල් ලීටරයකින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් 45ක පමණ හතළිස් පහක පමණ පාඩුවක් සිදු වන බව ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
එහි දී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, සුපිරි ඩීසල් සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය අඩු කර එම පාඩුව අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස යි.
මෙලෙස ආනයනය කරන ලද සුපිරි ඩීසල් ලීටර මිලියන 36 සාමාන්‍ය ඩීසල් මිලට අලෙවි කිරීම හරහා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් දහසය කෝටි විසි ලක්ෂයකට අධික පාඩුවක් සිදු වන බව යි ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවත් එහි සේවක අතිරික්තයක් ඇති බවත් සේවක සේවිකාවන් පූර්ණ ධාරිතාවෙන් සේවය නො කරන බවටත් නිරන්තරයෙන් ම චෝදනා කරන ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර සිදු කළ මෙම අඳබාල ක්‍රියාව හේතුවෙන් සිදු වන පාඩුවට වග කියන්නේ කවු දැ යි යන්න ඛනිජ තෙල් සංස්ථා සේවකයන් ප්‍රශ්න කරනවා.

Leave a Reply

Your email address will not be published.