මිල දී ගන්නා වී සඳහා නිසි වේලාවට ගාස්තු ගෙවන්නැයි ගොවීන් කියයි

මිලදී ගන්නා වී සඳහා, වී අලෙවි මණ්ඩලය ගාස්තු නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් තමන් අසරණ තත්ත්වයට පත්ව ඇති බව ගොවීන් පවසනවා.
ගොවීන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මෙම කරුණු අනාවරණ කළා.
එමෙන්ම ඇතැම් මහ පරිමාණ මෝල් හිමියන් සහල් ආනයනය කරමින් වෙළඳපොලේ සහල් අතිරික්තයක් ඇති කර ඇති කිරීමෙන් ගොවීන් අපහසුතාවට පත්ව ඇති බවද කියා සිටියා.
මේ අතර පොහොර නිසි කළට නොලැබීම හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්නේ අඩුවක් දක්නට ලැබෙන බව ගොවීන් පවසනවා.
ඒ අනුව තමන්ට වී කිලෝවක් සඳහා ලබා දෙන සහතික මිල ඉහළ නැංවිය යුතු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published.