විශිෂ්ඨ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න සමුගනියි

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨ කැමරා ශිල්පියෙක්වන ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද(28) අභාවප්‍රාප්ත වී තිබේ. 

75 වන වියේ පසුවූ ඔහු මියයන විට  අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර සහ  සුමිත්‍රා පීරිස් ඇතුළු මෙරට බිහිවූ  වූ විශිෂ්ඨ අධ්‍යක්ෂවරුන්ගේ කැමරා ශිල්පියා ලෙස ඩොනල්ඩ් කරුණාරත්න මහතා කටයුතු ක‍ළේය.

සිංහල චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ඔහු සරසවිය, ස්වර්ණ සංඛ ,ජනාධිපති සහ OCIC ඇතුළු මෙරට ප්‍රමුඛ සිනමා සම්මාන වලින් පිදුම් ලැබීය.

ඩොනල්ඩ් කරුණාරත්න මහතා ගේ අවසන් කටයුතු අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර දී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.