ශ්‍රී ලංකාවට සහය දෙන්න වෙනත් න්‍යාය පත්‍ර එපා – ඉන්දියාවෙන් චීනයට දැනුම්දීමක්

මේ වෙලාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහාය මිස එකී රටට වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා අනවශ්‍ය බලපෑම් ඇති කරමින්, ඒ තුළ අනවශ්‍ය මතභේද ඇති කිරීම නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කරනවා.
ඒ ශ්‍රී ලංකාව පිළිබඳ චීන තානාපතිවරයාගේ මෑතක දී සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය මේ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වුණේ, චීන තානාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි කඩ කිරීම ඔහුගේ පුද්ගලික ලක්ෂණයක් හෝ විශාල ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි බවයි.
මෙම ට්විටර් සටහනේ දී ඉන්දියාව විසින් මෙරටට පැමිණී චීන යුද නෞකාව සම්බන්ධයෙන් ද යම් මතක් කිරීමක් සිදු කර ඇති අතර,එය භූ දේශපාලනික සන්දර්භයක් ආරෝපණය කිරීමට චීනය විසින් සිදු කරන ලද්දක් ලෙසින් ද හඳුන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.